Saturday, January 12, 2013

      The Legend of Korra (2012) [Season 01: Episode 11-12 ] | අවසානය…[සිංහල උපසිරැසි සමඟ]


      The Legend of Korra (2012) [Season 01: Episode 11-12 ] | අවසානය…[සිංහල උපසිරැසි සමඟ]

      ඔන්න දිගටම කරගෙන ආපු මගේ පළමු ටෙලි දසුන් සැකිලි රූ සමයේ අවසානය. මෙවර පටන් ගැන්ම මෙන්ම කොටස් දෙකකින් සමන්විතයි. මෙය කරගෙන ඒමට දිරි දුන්, ප්‍රතිචාර දැක්වූ නොදැක්වූ හැමෝටම බොහොම පිං. වෙසසින් ම විකියා සහෝටත් උදා සහෝටත් උදක්ම පිං. ඔන්න එසේ නම් අවසානය ගැන සාරංශය.
      කෝරා ගේ මෙන්ම අනිත් අයගේත් ඉලක්කය වූ නාවික බලසේනාවේ පැමිණීම සිදු වුවත් එය අති මහත් විනාශයකින් අවසන් වෙනවා. කෙසේ හෝ අමොන් විසින් ජනරජ නඟරය අල්ලා ගනු ලබනවා. ඉවසිය නොහැකි තැන කෝරා අමොන් ව සොයා ගෙන යනු ලබනවා. ඒ හා මාකෝ ද පැමිණෙනවා. කෝරා සහ අමොන් අතර සටනින් කෝරා ගේ දමනක හැකියාව ඉවත් කරනු ලබනවා. ඉන් පසු කෝරා කුමක් කරාවිද? කෙසේ නම් අමොන් ව පරාද කරන්නේද? එසේ නම් කෝරාගේ වීරක්‍රියාවන් හී අවසානය බලන්න. ඔබ සැමට සුබදායි සති අන්තයක් ලැබේවා. ජයෙන් ජය.


      0 comments:

      Post a Comment