Saturday, January 12, 2013

      Poos in boots-The three Diablos (2012) & Merry Madagascar (2009) | නත්තල්දා…[සිංහල උපසිරැසි සමඟ]


      Poos in boots-The three Diablos (2012) & Merry Madagascar (2009) | නත්තල්දා…[සිංහල උපසිරැසි සමඟ]



      ඔන්න යාලුවනේ මම මගේ 2වෙනි උපසිරසත් අරගෙන ආවා.මේ පාර නම් බයිස්කෝප් 2ක්ම අරගෙනයි ආවෙ.මේ films 2ක දැනට ලෝකෙ තිරගත කරපු සුපිරිම බයිස්කෝප් 2ක් වෙන Poos in boots හා Madagascar කියන බයිස්කෝප් ඇසුරින් නිපදවුන කෙටි චිත්‍රපට 2ක්.පට්ට comedy චිත්‍රපටි 2ක්. මුලින්ම Poos in boots-The three diablos ගැන කියල ඉන්නම්කෝ..
      මේක ආවෙ 2012.IMDB ratings 6.9 අරගෙන තියෙනවා.ගොඩක් අය බලල තියෙන poos in boots බයිස්කෝප් එකේ 2 වෙනි කොටස තමයි මේ..කොයි කව්රුත් හොදට අදුරන සූර වීර poos in boots ගෙ තවත් හපන්කමක් තමයි මේ film එකේ තියෙන්නෙ.පළවෙනි එක වගේම සුපිරිම බයිස්කෝප් එකක්.film එක ගැන කියනව නම් අපෙ poos ට හම්බ වෙනවා අලුත් mission එකක්.ඒ තමයි රාජ කුමාරිකාවකගෙ ඔටුන්නෙ තිබුන මැණික් ගලක් සොරකම් කරපු හොර දෙටුවෙක් හොයාගෙන ගිහිල්ල මැණික් ගල ආපහු අරගෙන එන එක.හැබැයි ඒක ලේසි වෙන්නෙ නෑ.මොකද මේ හොරාට ඉන්නවා මහ භයානක ගෝලයො 3 න් දෙනෙක්.ඉතින් අපෙ poos ට මෙනව වෙයිද?මැණික් ගල හොයා ගනියිද?ගෝලයො 3 න් දෙනා poosට මෙනව කරයිද?ඒක දැනගන්න නම් බාන්නම වෙනවා.සුපුරැදු විදියටම poos ට හඩ කවන්නේ හොලිවුඩ් වල සුපිරිම නළුවෙක් වන Antonio banderas.අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Raman hui.ඔහු Madagascar,Antz,Shrek,The simpsons වගේ බයිස්කෝප් වලට Animation පැත්තෙන් දායක වෙලා තියෙනවා.සුපිරිම වැඩ්ඩෙක්..
      Merry Madagascar ගැන කියනව නම් මේක 2009 ආවෙ.IMDB ratings 6.8 අරගෙන තියනවා.Madagascar හා Madagascar-Escape to africa එකේ ඉන්න සෙට් එක ඔක්කොම මේකෙත් ඉන්නවා.මේකෙ කථාව කියනව නම් ඇලෙක්ස් අතින් නත්තල් සීයට පොඩි අනතුරක් වෙනවා.ඒ හින්දා අපේ යාලුවො 4 දෙනාට වෙනවා නත්තල් සීයගෙ රාජකාරිය ඉටුකරන්න.ඉතින් මෙයාල ඒක කරයිද?
      මේක හදල තියෙන්නේ Madagascar මුල් චිත්‍රපටය හදපු සෙට් එකම තමයි.හඩකැවීමෙනුත් එහෙමයි. ඒ ගැන ඉතින් වැඩිය කියවන්න ඕනි නැහැනේ.. :D ඔය ගොල්ලො මේ බයිස්කෝප් රසවිදියි කියල හිතනවා.ගොඩක් කාලෙකින් short film එකක් තිබ්බෙ නැති හන්ද බාගෙන බලන්න.බාගෙන යද්දී පොඩි comment එකක් දාලම යන්න.එහෙනම් ජය වේවා..තවත් උපසිරසක් එක්ක ලගදිම හම්බවෙමු..!






      0 comments:

      Post a Comment