Saturday, January 12, 2013

      Planet Dinosaur [S01 : E05] | දැවැන්තයින්ගේ වගතුග [සිංහල උපසිරැසි සමඟ]


      Planet Dinosaur [S01 : E05] | දැවැන්තයින්ගේ වගතුග [සිංහල උපසිරැසි සමඟ]

      ඉතිං යාළුවනේ… මම හිතුවට වඩා වැඩේ ටිකක් කල් ඇදුණා වගෙයි. කමක් නෑ අලුත් ‍ෆිල්ම්ස් එනකොට ඒවට වැඩි තැනක් දෙන එක මම හිතන්නේ මේක බලන අයට කරන පොඩි අසාධාරණයක් වගේ පෙනුණට, අලුත් චිත්‍රපට බලන්ඩ ආශාවෙන් ඉන්න පිරිස මේක බලන්ඩ ඉන්න පිරිසට වඩා වැඩි නිසා අපට ඒකට වැ‍රැද්දක් කියන්ඩත් බෑ. අනික් එක දැන්නම් මට මේ සබ් හදන වැඩේ හරි කම්මැලි වැඩක් වෙලා, පටන් ගන්න එකක්වත් ඉවර කරන්ඩ හිත දෙන්නෙ නෑ නෙවැ. හ්ම්හ්… ඒකෙන් කමක් නෑ. ඒවයෙන් ඇති වැඩක් නෑ.
      එහෙනම් අපි බලමු මේ ඩයිනොසෝර වාර්තා වැඩසටහනේ මේ ගෙනෙන පස්වන කොටසින් හෙළි දරව් කරන කෙනා කවුද කියලා. මෙහෙම කියමු. ගිය කොටසෙ හිටියා මුහුදේ උන්නු දැවැන්තම මාංශ-භක්ෂකයා. මුල්ම කොටසෙ උන්නා ගොඩබිම උන්නු දැවැන්තම මාංශ-භක්ෂකයා. නමුත් ඒ දැවැන්තයො කවුරුවත් මෙයාට සම කරන්ඩවත් බෑ. තමන්ගෙ පරාසයෙදි, පරිසරයෙදි ඒ අය දැවැන්තයො වුණාට මෙයා ගාව තිබ්බහම ඒ අයත් කුරුමිට්ටො. මෙයා කිව්වට එක්කෙනෙක් නෙමෙයි -ඒ කිව්වෙ එක වර්ගයක් නෙමෙයි-. මෙතෙක් මේ ලෝක ධාතුවේ පියවර එසවුවා යැයි අප දන්නා ලොකුම සත්ත්වයන් තමයි මේ. එක්කෙනෙක් හිටියෙ වසර මිලියන 95කට පෙර දකුණු ඇමෙරිකාවෙ, අනික් කෙනා ඒ කාලෙම අප්‍රිකාවෙ. මේ දෙන්නගෙන් ලොකු අයියා ආජන්ටීනොසෝරස් ටොන් 75යි. මීටර 35යි. පොඩි අයියා පැ‍රැලිටයිටන් ටොන් 45යි. දිග අර තරම්ම වගේ. හැබැයි මේ අය කොළ විතරක්ම කන අය.
      එහෙමනම් මේ පාරත් ප්‍රශ්න ගොඩයි. මේ අය මෙච්චර ලොකු වුණේ කොහොමද? කොළ විතරක්ම කාලා මෙච්චර ලොකු වෙන්න තරම් පෝෂණයක් ලබා ගත්තේ කොහොමද? මේ අයගේ ආහාර පුරුදු මොනවද? මේ අයට සතුරෝ හිටියද? විලෝපිකයන් එක්ක තිබුණෙ කොයි වගේ ගනුදෙනුවක්ද? අනික අවුරුදු 40ක් පුරා වැඩෙනකොට වර්ගයාගේ පැවැත්ම ‍රැක ගත්තේ කොහොමද? ඒ විතරක්ද; මේ අය තවත් සතුන්ගෙ මිනීවළ හෑරුවේ කොහොමද? කිව යුතුම දේ. ඕනෑම තැනක; මහත් දැවැන්ත ශාකාහාරකයෙකු හමු වූ විටක, ඒ අසලම ඔවුනට මරණ බිය කැන්දූ මාංශාහාරකයෙකුද හමුවුණා. මෙතැනත් කිසිදු වෙනසක් නෑ. කොතරම් සද්දන්තයෙක් වුවත් ඔවුනගෙන් බේරුණේ නෑ.
      එහෙමනම් ඉතුරු කොටසත් එක්ක මේ වාරෙ ඉවරයි. දැන් එහෙමනම් මං ඊළඟට දෙන්නෙ මොකද්ද කියන එක ගැනත් හිතලා බලන්ඩ වෙනවා… මොකද්ද හැබෑට. බලමු අපි එහෙනම්. ඉස්සරහට හොඳ අදහසක් හිතට එයි. එහෙමනම් ලබන කොටසින් ආයි හම්බෙමු!

      maga bite 340
      maga bite 700
      සිංහල sub

      අඩවිය උපුටා දැක්වීම


      බයිස්කෝප් සිංහල වෙබ් 

      0 comments:

      Post a Comment