Saturday, January 12, 2013

      Prep & Landing (2009) | සූදානම් කිරීමේ සහ ගොඩබෑමේ අංශය [සිංහල උපසිරැසි සමඟ]


      Prep & Landing (2009) | සූදානම් කිරීමේ සහ ගොඩබෑමේ අංශය [සිංහල උපසිරැසි සමඟ]

      මේක තමයි මගේ කුළුඳුල් උපසිරැසි නිර්මාණය, හැමදාම උපසිරැසි අරගෙන යන එකේ හිතුනා හැමෝම වෙනුවෙන් එකක් කරන්න ඕනේ කියලා.මේක තෝර ගන්න විශේෂ හේතුව තමයි එකක් මේක Short Film එකක් අනික මම ගොඩක් ආස Animation Film වලට. කලින් කිව්වා වගේ මේක Animation Short Film එකක් මේකේ නම තමා Prep & Landing පොඩ්ඩන් වෙනුවෙන් Walt and Disney Animation Studios තමයි නිපදවල තියෙන්නේ. නත්තල ඉලක්ක කරගෙන 2009 දෙසැම්බර් 08 වෙනිදා තමා මුලින්ම ඇමෙරිකාවේ තිරගත වෙලා තියෙන්නේ පස්සේ එහෙදීම 3D කොපි එකක් තිරගත කිරීම අරඹල තියෙනවා 2009 දෙසැම්බර් 19 වෙනිදා . තව කියනවා නම් IMDb චිත්‍රපට දර්ශකයේ ලකුණු 7.6 ක් අරගෙන තියෙනවා. Animation චිත්‍රපට වලට සම්මාන දෙන Annie Awards වලදී සම්මාන 3 කුත් Primetime Emmy Awards වලදී සම්මාන 4 කුත් දිනාගෙන තියෙනවා.
      වටේ තැලුව ඇති දැන් එහෙනම් චිත්‍රපටිය ගැන කියන්නම්, මේ කතාව දුවන්නේ නත්තල් සීයා ගැන පොඩි අය හිතන් ඉන්නවා නත්තල් දවසට කලින් රෑ නත්තල් සීය ලෝකේ ඉන්න ළමයි ඔක්කොටම තෑගි බෙදනවා කියල. ඒක එහෙමයි කියමුකෝ, එත් එයා තනියම කොහොමද මුළු ලෝකෙම ඉන්න පොඩ්ඩන්ට තෑගි දෙනාත් දෙන්නේ. ඒකට එයාට උදව් කරන්න ඉන්නවා දක්ෂ කුරුමිට්ටෝ රංචුවක්ම. එයාල තමයි මේ හැම දෙයක්ම සූදානම් කරන්නේ. දවස් 364 ක් තිස්සේ සූදානම් වෙලා හොදට සැලසුම් කරලා පොඩ්ඩන්ට සතුට ගෙන්න මෙයාල හරිම වෙහෙසක් ගන්නේ.
      මෙතන කතා නායකයා වෙන්නේ “වේන්” කියල කුරුමිට්ටේක්‌, හොඳ දක්ෂයෙක් අවරුදු 227 ක් තිස්සේ නත්තල් සීයට සේවය සපයනවා සූදානම් කිරීමේ හා ගොඩබෑමේ අංශයේ. මේ අංශයේ අය තමා නත්තල් සීය එන්න කලින් ගෙදර ඇතුල් වෙලා ඔක්කොම සූදානම් කරලා නත්තල් සීයට තෑගි දෙන්න එයාගේ පියාඹන කරත්තේ ගොඩ බාන වැඩේට උදව් කරන්නේ. ඉතින් මෙයා බලාපොරොත්තු වෙනවා උසස්වීමක්. අවාසනාවකට වගේ ඒ උසස්වීම ලැබෙන්නේ එයාගේ ගෝලයට, ඉතින් ඒක නිසා කලකිරුණු “වේන්” ට අලුත් ගෝලයෙක් ලැබෙනවා “ලැනී” කියල. මනුස්සය නම් හොඳ නමක් තියා ගත්ත කෙනෙක් පාසලේදී ඒ උනාට පොඩ්ඩක් පිස්සුත් නටනවා . ඉතින් මෙයාල දෙන්න තමා මේ සැරේ “ටිමි” පොඩි පිරිමි ළමයෙක්ගේ ගෙදර මූලික වැඩ කටයුතු ඉවර කරන්න යන්නේ. එහෙදි සිද්ද වෙන්නේ කවදාවත්ම සිදු නොවුන දෙයක් …….ඉතුරු ටික ඔයාලම බලන්න. නත්තල් සීයට එන්න ලැබෙයිද? “වේන්” සහ “ලැනී” එකතු වෙලා කරන්නේ මොකද්ද කියල බලලම දැන ගන්න.
      පලවෙනි වැඩේ නිසා හොඳ නරක කියල යන්න අමතක කරන්න එපා. තව මේ වගේ චිත්‍රපටියකින් නැවත හමු වෙනකන්. ඔක්කොටම ජය වේවා කියනවා. කට්ටියටම ලබන්නා වූ නව වසර සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා කියලත් පතනවා !!

      0 comments:

      Post a Comment