Saturday, January 12, 2013

      Diary of a Wimpy Kid Dog Days (2012) | ෆන් එකේ උපරිමේටම….[සිංහල උපසිරැසි සමඟ]


      Diary of a Wimpy Kid Dog Days (2012) | ෆන් එකේ උපරිමේටම….[සිංහල උපසිරැසි සමඟ]


      . මේ ෆිල්ම් එක රිලීස් වුනේ අගෝස්තු මාසෙදි . ඒත් මේ වෙනකම්ම ඒකෙ හොඳ කොපියක් ඔයාලට දෙන්න තිබ්බෙ නෑ. ඉතින් හොඳ කොපියක් ආපු ගමන්ම ඔයාලට ඒක දෙන්න ඕන නිසා ඉක්මනටම සිංහල සබ් දැම්ම.
      මේ කතා සෙට් එක හැදෙන්නෙ Jeff Kinney ගෙ පොත් සෙට් එකකින්. ඉතින් පොත කියවල ගන්න රසේටම ආසන්න රසයක් මේ චිත්‍රපටිය බලලත් ඔයාලට ලබන්න පුළුවන්. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ David Bowers.
      ඔයාල මේ ෆිල්ම් සීරිස් එකේ පළවෙනි සහ දෙවනි චිත්‍රපට දෙක ඔයාල සමහර විට බලල ඇති . මේ කතා මාලාව පුරාවටම ඔයාලට ග්‍රෙග් කියන ළමයගෙ රසකතා තමයි අහන්න දකින්න හම්බවෙන්නෙ.
      අපේ අම්මල තාත්තල පුංචි කාලෙ කරපු වැඩ අපි එක්ක කියනකොට අපිට ඕන තරම් බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන්නෙ.ඒවගේම තමයි අපි මීට අවුරුදු කීපයකට කලින් ඒ කියන්නෙ අපි දැන් ඉන්න වයසට වඩා ටිකක් අඩු වයසෙදි කරපු කියපු සමහර දේවල් අද මතක් වෙද්දි අපිටම අපි ගැන ඇති වෙනකම් හිනාවෙන්න පුළුවන්. මේකත් අන්න ඒවගේ තමයි. පවුලක් ඇතුලෙ සිද්ධ වෙන රසබර තැන් ඔයාලට මේක බලල හොඳට රසවිඳින්න පුළුවන්. ඒ වගේම කුණුහරප නැතුව අහින්සක විහිලුවක් රසවිඳින්න තරම් උසස් බුද්ධියක් තියෙන අපේ කොල්ලො කෙල්ලො වැඩිහිටියෝ ඕන කෙනෙක්ට මේ චිත්‍රපටිය බලල හොඳට ලේ ටිකක් පිරිසිදු කරගන්නත් පුළුවන් .
      මේකෙ කතාව මම කියන්න යන්නෙ නෑ. ඒ වගේම ඔයාල මුල් චිත්‍රපට දෙක බැලුවෙ නෑ කියල මේක තේරෙන්නෙ නැතුව තියෙන්නෙත් නෑ මොකද මේකෙයි ඒවගෙයි සම්බන්ධයක් නෑ. හැබැයි මේ චිත්‍රපටය බලන ඕන කෙනෙක්ට අනිවාරෙන්ම මුල් චිත්‍රපට දෙකත් බලන්න ආස හිතනව කියල මම අනිවාර්යයෙන්ම දන්නව. :)
      ආයෙත් චිත්‍රපටියකින් ඔයාල හම්බවෙන්න එන්නම්. හැමෝටම ජය.


      උපසිරස බා ගත කිරීමට නොහැකි නම් පහත ලින්ක් එකෙන් ලබා ගන්න 

      0 comments:

      Post a Comment