Saturday, January 12, 2013

      Ferrari Ki Sawaari (2012) | ෆෙරාරියකින් සවාරියක් යමුද ?[සිංහල උපසිරසි සමඟ


      Ferrari Ki Sawaari (2012) | ෆෙරාරියකින් සවාරියක් යමුද ?[සිංහල උපසිරසි සමඟ

       ඔයාලට ලස්සන හින්දි ෆිල්ම් එකක් අරගෙන ආවා මේකත් imdb රේටින් 6.6 ක් ගත්ත සුපිරි ෆිල්ම් එකක් ෂර්මන් ජෝෂි , බෝමන් ඉරානී වගේ දක්ෂ නළුවෝ ටිකක් රඟපාන මේ ෆිල්ම් එකේ තිර රචනය කරලා තියෙන්නේ 3 idiots ෆිල්ම් එක කරපු විධු විනෝද් චොප්රා. මේකේ නම ෆෙරාරියකින් සවාරියක් වුනාට මේකේ කතාව ගෙතෙන්නෙ ඉන්දියාවේ ක්‍රිකට් උන්මාදය වටා. මම එහෙම කිවුවම ඔයාලට හිතේවි ෆෙරාරියක් කොහොමද ක්‍රිකට් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා මටත් මුලදී මේක බලනකොට එහෙම හිතුන ඒත් මේ ෆිල්ම් එක ඉවර වෙනකන් බලනකොට ඒක ලස්සනට ගලාගෙන යනවා මම ඔයාලට දෙන්න හිටියෙනම් වෙන ෆිල්ම් එකක් ඒ වුනාට ඊට කලින් මේක දෙන්න පුළුවන් වුනා.
      මේකේ ස්ටොරිය ටිකක් කියනවනම් මේකේ ප්‍රධාන චරිතය වෙන්නේ කායෝස් කියලා අවුරුදු 12ක ළමයෙක්. ඒ වගේම ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කයෝස්ගේ තාත්තා රුස්තම් (ෂර්මන් ජෝෂි) එයාගේ ක්‍රීඩා වැඩ වලට ගොඩක් උදවු කරනවා ඒ වුනාට කයෝස්ගේ සීයා බෙහෙරම් දේබෝ නම් මේකට පොඩ්ඩක්වත් කැමති නෑ. කායෝස්ට අවස්ථාවක් ලැබෙනවා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පුහුණු කඳවුරකට සහභාගී වෙන්න. ඒකට සහභාගී වෙන්න නම් රුපියල් ලක්ෂ 1.5ක් විතර වැයවෙනවා හැබැයි රුස්තම්ගේ වැටුපත් එක්ක මෙච්චර මුදලක් වැය කරන්න අමාරුයි.ඉතින් කයෝස්ට ලෝඩ්ස් යන්න තිබුන බලාපොරොත්තුවට මොකද වෙන්නේ කයෝස්ගේ තාත්තට මේ මුදල හොයාගන්න පුළුවන් වේවිද? කයෝස් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවට බෙහෙරම් දේබෝ අකමැති වෙන්නේ ඇයි ? ක්‍රිකට් එක්ක ෆෙරාරියක් සම්බන්ධ වෙන්නේ කොහොමද ? මේ ප්‍රශ්නවලට පිළිතුරු දැනගන්න නම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා මේක මමත් කාලෙකින් බලපු පට්ට ෆිල්ම් එකක් මොකද පවුලක් අතරේ තියෙන මත ගැටුම්,ආදරය වගේ දේවලුත් ලස්සනට පෙන්නලා තියෙන ෆිල්ම් එකක්
      මම බාගෙට ඉවර කරපු මගේ අනිත් සබ් ඒකත් ඔයාලට ඉක්මනටම දෙන්න උත්සහ කරනවා ඒ වගේම තව ෆිල්ම් දෙකතුනකුත් ලැබිල තියෙනවා සබ් දාන්න පුළුවන් තරම් ඉක්මනට අලුත් අවුරුද්දේදී මගේ තුන් වෙනි සබ් ඒකත් ඔයාලට දෙන්නම්. මේකෙත් අඩුපාඩු තියෙනවනම් පෙන්නලා දෙන්න

      0 comments:

      Post a Comment