Go West A Lucky Luke Adventureමම ඉතින් පළවෙනි පාරට තමයි චිත්‍රපට වලට උපසිරැසි යොදන මේ ‘ජාතික සේවයට’ සම්බන්ධ වෙන්නේ. ඒ නිසා චිත්‍රපටයේ අඩුපාඩු තිබුණට වැඩිය ගණන් ගන්න නම් එපා. හැබැයි බලලා ඉවර වෙලා ඒ ගැන ගුණ දොස් විචාරයක් මට දෙන්න හොඳේ. මොකද එතකොට මගේ වැරදි මට හදාගත්ත හැකි. තව එකක්, ඉංග්‍රීසි උදවිය ඇමරිකානුවෝ වගේ ඉංග්‍රීසි කථා කරන්නේ නැහැ නොවැ. එයාලා හුඟක් වේගයෙන් තමා කථා කරන්නේ. මේක “කවුද බෝයි” චිත්‍රපටය නිසා, චිත්‍රපටයේත් හුඟක් තැන් වල ඔය දේ වෙනවා. ඒ නිසා උපසිරැසි මාරු වෙන වේගය වැඩියි.
ඒ හින්දා බලනකොට ඉතින් හොඳ අවධානයෙන් බලන්ට. නැත්තං කථාව තේරෙන එකක් නෑ. “කවුද බෝයි” චිත්‍රපට හුඟක් අය බලන්න ඇති. පළවෙනි පාරට ආවට මම ගෙනාවෙ නම් ඇනිමේෂන් එකක්. නමුත් මේ චිත්‍රපටයට මම උපසිරැසි යොදනකල් චිත්‍රපටය මේකට කවුරුත් අත තියලා තිබුණේ නෑ. මේකට හුඟක් අය; කතාව තේරුම් ගන්නැතුව “වැඩක් නෑ” කියලා කියන නිසා මට හිතුණා මේකෙන් පටන් ගන්න. ඒකයි මම වැඩේට බැස්සේ. මගේ වරුණාව පැත්තකින් තියමුකෝ.
චිත්‍රපටය ගැන කියනවා නම් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන “කවුද බෝයි” අපි කවුරැත් දන්න කෙනෙක්නේ’ ඒ වගේම එයාගේ ප්‍රියතම කට්ටිය අයියලා 4 දෙනත් ඉන්නවා’ මේගොල්ලෝ හැම පාරම වගේ බැංකු කඩන එකමයි කරන්නේ. හැබැයි මේ පාර කඩන්නේ නිව්යෝක් වල තියෙන බැංකු. ඉතින් සල්ලි හංගන්න තැනකුත් එපැයි, හමිබවෙන්නෙ කරත්තයක්, මෙහෙම හංගලා යද්දි පොලීසියට මාට්ටු වෙනවා, අමාරැවෙන් පොලීසියෙන් බේරිලා ඇවිත් බලද්දි කරත්ත එකක් නෙමෙයි කරත්ත ගොඩක් තියෙනවා ඒ මදිවට කවුද බෝයිත් ඇවිල්ලා, මෙයාලට හම්බවෙන කරත්තකාරයෝ කොන්තරාත්තුවක් අත්සන් කරපු අය. දින 80 කින් කැලිෆෝනියා යන්න. කවුද බෝයිත් මේ අය එක්ක යනවා අපි බලමු කට්ටිය දින 80 කින් කැලිෆෝනියා යනවද කියලා, කට්ටියම බලන්නකෝ.
කථාවේ අරමුණු ඉෂ්ඨ කරගන්න මනඃකල්පිත චරිතත්, නිර්මාණය කරලා තියෙනවා. චිත්‍රපටයේ කථාව ගැන මම පොඩ්ඩක් කිව්වත් අගය නැති වෙන නිසා මම ඒ ගැන කියන්නේ නෑ. නමුත්, දෙබස් වලට මගේ උවමනවට උපසිරැසි යෙදුවා. නමුත් කථාව අනුව, නොගැළපෙනවා කියලා හිතුණ නිසා සමහර ඒවා අයින් කළා. ඒ වගේ ම මේකෙදි දෙබසේ ‘පරිවර්තනය’ ට වඩා ‘අර්ථය’ ඉස්මතු වෙන්නයි මම උපසිරැසි යෙදුවේ. එතකොට කථාව තේරුම් ගන්න ලේසියිනේ. ඒ නිසා මේක බලන්න ම වටිනවා. එහෙනම් ඔබට ජය වේවා!


e62cf8580ccc0d9e929d2b05fbeecf71a95ba1d4
b2f8c6dd0a69b68d6986edfffa53f752934df8d2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.