Saturday, January 12, 2013

      Poos in boots-The three Diablos (2012) & Merry Madagascar (2009) | නත්තල්දා…[සිංහල උපසිරැසි සමඟ]


      Poos in boots-The three Diablos (2012) & Merry Madagascar (2009) | නත්තල්දා…[සිංහල උපසිරැසි සමඟ]



      ඔන්න යාලුවනේ මම මගේ 2වෙනි උපසිරසත් අරගෙන ආවා.මේ පාර නම් බයිස්කෝප් 2ක්ම අරගෙනයි ආවෙ.මේ films 2ක දැනට ලෝකෙ තිරගත කරපු සුපිරිම බයිස්කෝප් 2ක් වෙන Poos in boots හා Madagascar කියන බයිස්කෝප් ඇසුරින් නිපදවුන කෙටි චිත්‍රපට 2ක්.පට්ට comedy චිත්‍රපටි 2ක්. මුලින්ම Poos in boots-The three diablos ගැන කියල ඉන්නම්කෝ..
      මේක ආවෙ 2012.IMDB ratings 6.9 අරගෙන තියෙනවා.ගොඩක් අය බලල තියෙන poos in boots බයිස්කෝප් එකේ 2 වෙනි කොටස තමයි මේ..කොයි කව්රුත් හොදට අදුරන සූර වීර poos in boots ගෙ තවත් හපන්කමක් තමයි මේ film එකේ තියෙන්නෙ.පළවෙනි එක වගේම සුපිරිම බයිස්කෝප් එකක්.film එක ගැන කියනව නම් අපෙ poos ට හම්බ වෙනවා අලුත් mission එකක්.ඒ තමයි රාජ කුමාරිකාවකගෙ ඔටුන්නෙ තිබුන මැණික් ගලක් සොරකම් කරපු හොර දෙටුවෙක් හොයාගෙන ගිහිල්ල මැණික් ගල ආපහු අරගෙන එන එක.හැබැයි ඒක ලේසි වෙන්නෙ නෑ.මොකද මේ හොරාට ඉන්නවා මහ භයානක ගෝලයො 3 න් දෙනෙක්.ඉතින් අපෙ poos ට මෙනව වෙයිද?මැණික් ගල හොයා ගනියිද?ගෝලයො 3 න් දෙනා poosට මෙනව කරයිද?ඒක දැනගන්න නම් බාන්නම වෙනවා.සුපුරැදු විදියටම poos ට හඩ කවන්නේ හොලිවුඩ් වල සුපිරිම නළුවෙක් වන Antonio banderas.අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Raman hui.ඔහු Madagascar,Antz,Shrek,The simpsons වගේ බයිස්කෝප් වලට Animation පැත්තෙන් දායක වෙලා තියෙනවා.සුපිරිම වැඩ්ඩෙක්..
      Merry Madagascar ගැන කියනව නම් මේක 2009 ආවෙ.IMDB ratings 6.8 අරගෙන තියනවා.Madagascar හා Madagascar-Escape to africa එකේ ඉන්න සෙට් එක ඔක්කොම මේකෙත් ඉන්නවා.මේකෙ කථාව කියනව නම් ඇලෙක්ස් අතින් නත්තල් සීයට පොඩි අනතුරක් වෙනවා.ඒ හින්දා අපේ යාලුවො 4 දෙනාට වෙනවා නත්තල් සීයගෙ රාජකාරිය ඉටුකරන්න.ඉතින් මෙයාල ඒක කරයිද?
      මේක හදල තියෙන්නේ Madagascar මුල් චිත්‍රපටය හදපු සෙට් එකම තමයි.හඩකැවීමෙනුත් එහෙමයි. ඒ ගැන ඉතින් වැඩිය කියවන්න ඕනි නැහැනේ.. :D ඔය ගොල්ලො මේ බයිස්කෝප් රසවිදියි කියල හිතනවා.ගොඩක් කාලෙකින් short film එකක් තිබ්බෙ නැති හන්ද බාගෙන බලන්න.බාගෙන යද්දී පොඩි comment එකක් දාලම යන්න.එහෙනම් ජය වේවා..තවත් උපසිරසක් එක්ක ලගදිම හම්බවෙමු..!






      Prep & Landing (2009) | සූදානම් කිරීමේ සහ ගොඩබෑමේ අංශය [සිංහල උපසිරැසි සමඟ]


      Prep & Landing (2009) | සූදානම් කිරීමේ සහ ගොඩබෑමේ අංශය [සිංහල උපසිරැසි සමඟ]

      මේක තමයි මගේ කුළුඳුල් උපසිරැසි නිර්මාණය, හැමදාම උපසිරැසි අරගෙන යන එකේ හිතුනා හැමෝම වෙනුවෙන් එකක් කරන්න ඕනේ කියලා.මේක තෝර ගන්න විශේෂ හේතුව තමයි එකක් මේක Short Film එකක් අනික මම ගොඩක් ආස Animation Film වලට. කලින් කිව්වා වගේ මේක Animation Short Film එකක් මේකේ නම තමා Prep & Landing පොඩ්ඩන් වෙනුවෙන් Walt and Disney Animation Studios තමයි නිපදවල තියෙන්නේ. නත්තල ඉලක්ක කරගෙන 2009 දෙසැම්බර් 08 වෙනිදා තමා මුලින්ම ඇමෙරිකාවේ තිරගත වෙලා තියෙන්නේ පස්සේ එහෙදීම 3D කොපි එකක් තිරගත කිරීම අරඹල තියෙනවා 2009 දෙසැම්බර් 19 වෙනිදා . තව කියනවා නම් IMDb චිත්‍රපට දර්ශකයේ ලකුණු 7.6 ක් අරගෙන තියෙනවා. Animation චිත්‍රපට වලට සම්මාන දෙන Annie Awards වලදී සම්මාන 3 කුත් Primetime Emmy Awards වලදී සම්මාන 4 කුත් දිනාගෙන තියෙනවා.
      වටේ තැලුව ඇති දැන් එහෙනම් චිත්‍රපටිය ගැන කියන්නම්, මේ කතාව දුවන්නේ නත්තල් සීයා ගැන පොඩි අය හිතන් ඉන්නවා නත්තල් දවසට කලින් රෑ නත්තල් සීය ලෝකේ ඉන්න ළමයි ඔක්කොටම තෑගි බෙදනවා කියල. ඒක එහෙමයි කියමුකෝ, එත් එයා තනියම කොහොමද මුළු ලෝකෙම ඉන්න පොඩ්ඩන්ට තෑගි දෙනාත් දෙන්නේ. ඒකට එයාට උදව් කරන්න ඉන්නවා දක්ෂ කුරුමිට්ටෝ රංචුවක්ම. එයාල තමයි මේ හැම දෙයක්ම සූදානම් කරන්නේ. දවස් 364 ක් තිස්සේ සූදානම් වෙලා හොදට සැලසුම් කරලා පොඩ්ඩන්ට සතුට ගෙන්න මෙයාල හරිම වෙහෙසක් ගන්නේ.
      මෙතන කතා නායකයා වෙන්නේ “වේන්” කියල කුරුමිට්ටේක්‌, හොඳ දක්ෂයෙක් අවරුදු 227 ක් තිස්සේ නත්තල් සීයට සේවය සපයනවා සූදානම් කිරීමේ හා ගොඩබෑමේ අංශයේ. මේ අංශයේ අය තමා නත්තල් සීය එන්න කලින් ගෙදර ඇතුල් වෙලා ඔක්කොම සූදානම් කරලා නත්තල් සීයට තෑගි දෙන්න එයාගේ පියාඹන කරත්තේ ගොඩ බාන වැඩේට උදව් කරන්නේ. ඉතින් මෙයා බලාපොරොත්තු වෙනවා උසස්වීමක්. අවාසනාවකට වගේ ඒ උසස්වීම ලැබෙන්නේ එයාගේ ගෝලයට, ඉතින් ඒක නිසා කලකිරුණු “වේන්” ට අලුත් ගෝලයෙක් ලැබෙනවා “ලැනී” කියල. මනුස්සය නම් හොඳ නමක් තියා ගත්ත කෙනෙක් පාසලේදී ඒ උනාට පොඩ්ඩක් පිස්සුත් නටනවා . ඉතින් මෙයාල දෙන්න තමා මේ සැරේ “ටිමි” පොඩි පිරිමි ළමයෙක්ගේ ගෙදර මූලික වැඩ කටයුතු ඉවර කරන්න යන්නේ. එහෙදි සිද්ද වෙන්නේ කවදාවත්ම සිදු නොවුන දෙයක් …….ඉතුරු ටික ඔයාලම බලන්න. නත්තල් සීයට එන්න ලැබෙයිද? “වේන්” සහ “ලැනී” එකතු වෙලා කරන්නේ මොකද්ද කියල බලලම දැන ගන්න.
      පලවෙනි වැඩේ නිසා හොඳ නරක කියල යන්න අමතක කරන්න එපා. තව මේ වගේ චිත්‍රපටියකින් නැවත හමු වෙනකන්. ඔක්කොටම ජය වේවා කියනවා. කට්ටියටම ලබන්නා වූ නව වසර සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා කියලත් පතනවා !!

      Ferrari Ki Sawaari (2012) | ෆෙරාරියකින් සවාරියක් යමුද ?[සිංහල උපසිරසි සමඟ


      Ferrari Ki Sawaari (2012) | ෆෙරාරියකින් සවාරියක් යමුද ?[සිංහල උපසිරසි සමඟ

       ඔයාලට ලස්සන හින්දි ෆිල්ම් එකක් අරගෙන ආවා මේකත් imdb රේටින් 6.6 ක් ගත්ත සුපිරි ෆිල්ම් එකක් ෂර්මන් ජෝෂි , බෝමන් ඉරානී වගේ දක්ෂ නළුවෝ ටිකක් රඟපාන මේ ෆිල්ම් එකේ තිර රචනය කරලා තියෙන්නේ 3 idiots ෆිල්ම් එක කරපු විධු විනෝද් චොප්රා. මේකේ නම ෆෙරාරියකින් සවාරියක් වුනාට මේකේ කතාව ගෙතෙන්නෙ ඉන්දියාවේ ක්‍රිකට් උන්මාදය වටා. මම එහෙම කිවුවම ඔයාලට හිතේවි ෆෙරාරියක් කොහොමද ක්‍රිකට් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා මටත් මුලදී මේක බලනකොට එහෙම හිතුන ඒත් මේ ෆිල්ම් එක ඉවර වෙනකන් බලනකොට ඒක ලස්සනට ගලාගෙන යනවා මම ඔයාලට දෙන්න හිටියෙනම් වෙන ෆිල්ම් එකක් ඒ වුනාට ඊට කලින් මේක දෙන්න පුළුවන් වුනා.
      මේකේ ස්ටොරිය ටිකක් කියනවනම් මේකේ ප්‍රධාන චරිතය වෙන්නේ කායෝස් කියලා අවුරුදු 12ක ළමයෙක්. ඒ වගේම ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කයෝස්ගේ තාත්තා රුස්තම් (ෂර්මන් ජෝෂි) එයාගේ ක්‍රීඩා වැඩ වලට ගොඩක් උදවු කරනවා ඒ වුනාට කයෝස්ගේ සීයා බෙහෙරම් දේබෝ නම් මේකට පොඩ්ඩක්වත් කැමති නෑ. කායෝස්ට අවස්ථාවක් ලැබෙනවා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පුහුණු කඳවුරකට සහභාගී වෙන්න. ඒකට සහභාගී වෙන්න නම් රුපියල් ලක්ෂ 1.5ක් විතර වැයවෙනවා හැබැයි රුස්තම්ගේ වැටුපත් එක්ක මෙච්චර මුදලක් වැය කරන්න අමාරුයි.ඉතින් කයෝස්ට ලෝඩ්ස් යන්න තිබුන බලාපොරොත්තුවට මොකද වෙන්නේ කයෝස්ගේ තාත්තට මේ මුදල හොයාගන්න පුළුවන් වේවිද? කයෝස් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවට බෙහෙරම් දේබෝ අකමැති වෙන්නේ ඇයි ? ක්‍රිකට් එක්ක ෆෙරාරියක් සම්බන්ධ වෙන්නේ කොහොමද ? මේ ප්‍රශ්නවලට පිළිතුරු දැනගන්න නම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා මේක මමත් කාලෙකින් බලපු පට්ට ෆිල්ම් එකක් මොකද පවුලක් අතරේ තියෙන මත ගැටුම්,ආදරය වගේ දේවලුත් ලස්සනට පෙන්නලා තියෙන ෆිල්ම් එකක්
      මම බාගෙට ඉවර කරපු මගේ අනිත් සබ් ඒකත් ඔයාලට ඉක්මනටම දෙන්න උත්සහ කරනවා ඒ වගේම තව ෆිල්ම් දෙකතුනකුත් ලැබිල තියෙනවා සබ් දාන්න පුළුවන් තරම් ඉක්මනට අලුත් අවුරුද්දේදී මගේ තුන් වෙනි සබ් ඒකත් ඔයාලට දෙන්නම්. මේකෙත් අඩුපාඩු තියෙනවනම් පෙන්නලා දෙන්න

      The Hobbit: An Unexpected Journey (2012) | අහිමි වූ උරුමය සොයා යාම.. [සිංහල උපසිරැසි සමඟ]


      The Hobbit: An Unexpected Journey (2012) | අහිමි වූ උරුමය සොයා යාම.. [සිංහල උපසිරැසි සමඟ]



      අදත් මම ඔයාලට අරන් ආව හැමෝම ආසාවෙන් බලන් ඉන්න සුපිරි ෆිල්ම් එකක සිංහල උපසිරැසි.. මේ දවස් වල වාර්තා තබමින් තිරගත වෙන ‘The Hobbit’ චිත්‍රපටය ‘Lord Of The Rings‘ චිත්‍රපට මාලාවේ නවතම දිගහැරුමයි. මේ ෆිල්ම් එක තමයි හොබිට් කතා මාලාවේ පළවෙනි කොටස.. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 8.4ක් වැනි ඉහල අගයක් ලබා ගැනීමට මෙය සමත් වෙලා තියනව. Peter Jackson විසින් තමයි මේ ෆිල්ම් එකත් අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ.
      ලෝඩ් ඔෆ් ද රින්ග් චිත්‍රපටයේ දිව ගිය කතාවට කලින් වුනු සිද්දියක් ගැන තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්නෙ. බිල්බෝ බැගින්ස් වසර ගණනාවක පෙර සිදු වූ සිද්ධියක් හෙළිකරනවා.. එරෙබෝ කියන්නෙ තෝර්ගේ බලකොටුව. මේ ප්‍රදේශයේ ඉතා බහුල වශයෙන් වටිනා පාෂාණ හා රත්තරන් තියනව. ඉතින් මේ රත්තරන් වලට කෑදර වූ ස්මොග් කියල මකරෙක් මේ රාජධානිය ආක්‍රමණය කරල කුරුමිට්ටන්ව පන්නා දමනව. මේ නිසා ඔවුන්ට තම වාසස්ථානය අහිමි වෙනව… ඉතින් දැන් කුරුමිටි මිනිසුන් හදන්නෙ තමන්ගෙ නැතිවුනු රාජධානිය නැවතත් අයිති කර ගන්න. මේ සඳහා ගැන්ඩල්ෆ්, තොරීන් රජ කුමාරයා සහ බිල්බෝ බැගින්ස් ඇතුලු කණ්ඩායමක් ගමන් අරඹන්නයි යන්නෙ. මේ යන ගමන අතරතුරේදි එයාලට කරදර රාශියකට මුහුණ දෙන්න වෙනව. දැවැන්ත සතුන්, විරූපී යෝධයන්, පිශාචයන්, මෘගයන් ආදී නොයෙක් උපද්‍රව අතරින් මේ කණ්ඩායම යන ගමන කොයි වගේද කියල ඔයාලම බලන්න.
      එහෙනම් මම ගිහින් එන්නම්.. ආයෙත් දවසක සුපිරි බයිස්කෝප් එකකින් හමුවෙමු.. එතෙක් ඔබට




      Planet Dinosaur [S01 : E05] | දැවැන්තයින්ගේ වගතුග [සිංහල උපසිරැසි සමඟ]


      Planet Dinosaur [S01 : E05] | දැවැන්තයින්ගේ වගතුග [සිංහල උපසිරැසි සමඟ]

      ඉතිං යාළුවනේ… මම හිතුවට වඩා වැඩේ ටිකක් කල් ඇදුණා වගෙයි. කමක් නෑ අලුත් ‍ෆිල්ම්ස් එනකොට ඒවට වැඩි තැනක් දෙන එක මම හිතන්නේ මේක බලන අයට කරන පොඩි අසාධාරණයක් වගේ පෙනුණට, අලුත් චිත්‍රපට බලන්ඩ ආශාවෙන් ඉන්න පිරිස මේක බලන්ඩ ඉන්න පිරිසට වඩා වැඩි නිසා අපට ඒකට වැ‍රැද්දක් කියන්ඩත් බෑ. අනික් එක දැන්නම් මට මේ සබ් හදන වැඩේ හරි කම්මැලි වැඩක් වෙලා, පටන් ගන්න එකක්වත් ඉවර කරන්ඩ හිත දෙන්නෙ නෑ නෙවැ. හ්ම්හ්… ඒකෙන් කමක් නෑ. ඒවයෙන් ඇති වැඩක් නෑ.
      එහෙනම් අපි බලමු මේ ඩයිනොසෝර වාර්තා වැඩසටහනේ මේ ගෙනෙන පස්වන කොටසින් හෙළි දරව් කරන කෙනා කවුද කියලා. මෙහෙම කියමු. ගිය කොටසෙ හිටියා මුහුදේ උන්නු දැවැන්තම මාංශ-භක්ෂකයා. මුල්ම කොටසෙ උන්නා ගොඩබිම උන්නු දැවැන්තම මාංශ-භක්ෂකයා. නමුත් ඒ දැවැන්තයො කවුරුවත් මෙයාට සම කරන්ඩවත් බෑ. තමන්ගෙ පරාසයෙදි, පරිසරයෙදි ඒ අය දැවැන්තයො වුණාට මෙයා ගාව තිබ්බහම ඒ අයත් කුරුමිට්ටො. මෙයා කිව්වට එක්කෙනෙක් නෙමෙයි -ඒ කිව්වෙ එක වර්ගයක් නෙමෙයි-. මෙතෙක් මේ ලෝක ධාතුවේ පියවර එසවුවා යැයි අප දන්නා ලොකුම සත්ත්වයන් තමයි මේ. එක්කෙනෙක් හිටියෙ වසර මිලියන 95කට පෙර දකුණු ඇමෙරිකාවෙ, අනික් කෙනා ඒ කාලෙම අප්‍රිකාවෙ. මේ දෙන්නගෙන් ලොකු අයියා ආජන්ටීනොසෝරස් ටොන් 75යි. මීටර 35යි. පොඩි අයියා පැ‍රැලිටයිටන් ටොන් 45යි. දිග අර තරම්ම වගේ. හැබැයි මේ අය කොළ විතරක්ම කන අය.
      එහෙමනම් මේ පාරත් ප්‍රශ්න ගොඩයි. මේ අය මෙච්චර ලොකු වුණේ කොහොමද? කොළ විතරක්ම කාලා මෙච්චර ලොකු වෙන්න තරම් පෝෂණයක් ලබා ගත්තේ කොහොමද? මේ අයගේ ආහාර පුරුදු මොනවද? මේ අයට සතුරෝ හිටියද? විලෝපිකයන් එක්ක තිබුණෙ කොයි වගේ ගනුදෙනුවක්ද? අනික අවුරුදු 40ක් පුරා වැඩෙනකොට වර්ගයාගේ පැවැත්ම ‍රැක ගත්තේ කොහොමද? ඒ විතරක්ද; මේ අය තවත් සතුන්ගෙ මිනීවළ හෑරුවේ කොහොමද? කිව යුතුම දේ. ඕනෑම තැනක; මහත් දැවැන්ත ශාකාහාරකයෙකු හමු වූ විටක, ඒ අසලම ඔවුනට මරණ බිය කැන්දූ මාංශාහාරකයෙකුද හමුවුණා. මෙතැනත් කිසිදු වෙනසක් නෑ. කොතරම් සද්දන්තයෙක් වුවත් ඔවුනගෙන් බේරුණේ නෑ.
      එහෙමනම් ඉතුරු කොටසත් එක්ක මේ වාරෙ ඉවරයි. දැන් එහෙමනම් මං ඊළඟට දෙන්නෙ මොකද්ද කියන එක ගැනත් හිතලා බලන්ඩ වෙනවා… මොකද්ද හැබෑට. බලමු අපි එහෙනම්. ඉස්සරහට හොඳ අදහසක් හිතට එයි. එහෙමනම් ලබන කොටසින් ආයි හම්බෙමු!

      maga bite 340
      maga bite 700
      සිංහල sub

      අඩවිය උපුටා දැක්වීම


      බයිස්කෝප් සිංහල වෙබ් 

      Hotel Transylvania (2012) | රාස්ස සාදේ…[සිංහල උපසිරැසි සමඟ



      Hotel Transylvania (2012) | රාස්ස සාදේ…[සිංහල උපසිරැසි සමඟ]



      ඩ්‍රැක්‍යූලාව දන්නවද? අර මිනිස් ලේ බොන… දුෂ්ට/ කුරිරු අරමුණු සහිත… ලෝකෙම ආක්‍රමණය කරන්ඩ හිතන… මිනිස්සුන්ව තමන්ගෙ වර්ගයට හරවන.. හෝව් හෝව්, නෑ නෑ නෑ එයා නෙමේ. මෙයා වෙනස්. අපි දන්න කෙනා නෙමේ. අපි දන්නවට වඩා හොඳටෝම වෙනස්. මිනිස් ලේ බොනව තියා මිනිස්සු ඉන්න පැත්තකටවත් එන්නෙ නෑ. එච්චරට බයයි. හැබැයි ඒකට ලොකුම හේතුව එයාගෙ දූ සිඟිත්ත. ඔව්, ඔව් මෙයාට දුවෙකුත් ඉන්නවා. එයාව එයාගෙ අම්මව මරල දමපු කුරිරු මනුස්සයින්ගෙන් ‍රැක ගන්ඩයි, අනිත් රකුස් නෑයන්ගේ ඇසුර ලබා දෙන්ඩයි ඩ්‍රැක්‍යූලා සි‍ටුතුමා තමන්ගෙ ට්‍රාන්සිල්වේනියාවෙ තියෙන මාළිගේ හෝටලයක් එහෙමත් නැත්තම් භෝජනාගාරයක් බවට හරවනවා. මේකට එන්නේ රකුසෝ විතරයි. මනුස්ස සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන, මරණ තර්ජන ලබන, ජීවිත අවදානම් දරන රකුසෝ ඕනිම කෙනෙකුට මේ හෝටලේ විවෘතයි. හැබැයි මනුස්සයින්ට පස් පාගන්ඩ දෙන්නෑ.
      ඔන්න ඩ්‍රැක්‍යූලා සි‍ටුතුමාගෙ දුවණිය වැඩිහිටි වයසට එළඹෙන දවසේ උපන්දින සාදෙ මහ ඉහළින්ම අරගන්ඩ කටයුතු පිළියෙළ කෙරෙනවා. නිවීහැනේ විවේකීව හිතේ හැටියට බය සැක නැති නිවාඩුවක් ගෙවන්ඩ කැමති හැම රකුසෙක්ම මේ උත්සවේට සහභාගි වෙනවා. ෆ්‍රැන්කන්ස්ටයින් සහ බිරිඳ, මරේ මමිය, අදිසි මිනිසා, නරවෘක පවුලම, බිග්ෆුට් එකී මෙකී නොකී හැම ජාතියෙම රාස්සයෝ මේකට සහභාගී වෙනවා. මේ උපන්දිනේ තියන්නෙ ළමා වියෙන් මිදිලා තමන්ගෙම තීරණ ගන්ඩ නිසි වයසට එළඹෙන ප්‍රීතියට. අවුරුදු 118 පිරෙන එක ඉතිං ඉහළින්ම සමරන්ඩ එපෑ. එසේ මෙසේ සුළු ප‍ටු දෙයක්යෑ ඒක.
      මේ අතරේ තමන්ගෙ උපකරණත් පොදි ගහගෙන එකම එක මනුස්සයෙක් මෙහේ එනවා. එයා එන්නෙ නිකම්ම නෙමෙයි, ලොකූ ආම්පන්න වගේකුත් අරගෙන. මොකටද රකුසො හොයාගෙන එන්නෙ මනුස්සයෙක්? මොනවද මේ පොදියේ තියෙන්නේ? රාස්සයො සමූල ඝාතනය කරන්ඩ ඕනි උපකරණ? වදහිංසා පමුණුවන්ඩ ඕනි කරන ආයුධ? රාස්සයො සියවස් ගාණක් මිනිස්සුන්ගෙන් හැංගිලා ජීවත් වෙන්නේ, මිනිස්සුන්ට තියෙන මර බය හින්දමයි. ඒ හින්දා අලුත් ලෝකෙ ගැන එයාල අන්දෝ සංසාරයක්වත් දන්නෙ නෑ. එහෙනම් මේ මනුස්සය එහෙම තැනකට එන්ඩ මිනිහගෙ අරමුණ මොකක් වෙන්ඩ ඇද්ද? මෙයා ඇවිත් මොනව කරයිද? උපන්දිනසාදෙට මොනව වෙයිද? ඩ්‍රැක්‍යූලාට තමන්ගෙ සිඟිති දියණිය සෙසු ලෝකයෙන් ආරක්ෂා කරගන්ඩ පුළුවන් වෙනවද? ඩ්‍රැක්‍යූලාට මිනිසුන්ගෙ හිරිහැර කරදර වලට මූණදෙන්ඩ වෙයිද? අපි අහල තියෙන – අහල නැති රාස්සයො බර ගාණක් මේකෙ ඉන්නවා. හැබැයි අපි දන්න විදිහනම් නෙමෙයි ඒ අය. හරිම අහිංසකයි. හරිම ජොලි කට්ටියක්.
      එහෙමනම්: ඔන්න යාළුවනේ සෝනි සමාගමෙන් හදපු ගෙන්ඩි ටාටකොව්ස්කි අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය ආපු ගමන් ගෙනාවා. මම චිත්‍රපටියකට සිංහල සබක් ගහන්නෙ ටික කාලෙකින්. කළේනම් ටිකක් කඩිමුඩියෙ. බලමුකෝ එහෙනම් මගේ උත්සාහයේ ප්‍රතිඵල කොහොමද කියලා. බයිස්කෝප් අදියුරන්ගෙ ඉල්ලීමකටයි කළේ. මටත් ඉතිං කහනව වගේනේ ඇනිමේෂන් දකිනකොට!
      හරි හරි එහෙමනම් මේකත් බලලම ඉන්ඩකෝ
      මේ 300 mb
      මේ 700mb
      මේ1.4gb
      සිංහල sub