Saturday, June 29, 2013
Saturday, January 12, 2013
roman
5:06 AM
No comments
ප්‍රබල රෝමානු ජෙනරාල්වරයකුවන මැක්සිමස් බොහෝ ජනාදරයට ලක්වූ අයෙක්. නමුත් ඔහු හට සිදුවන අසාධාරණයකින් පසු ඔහුගේ පවුලේ සියළුම දෙනා ම්ලේච්ඡ සිටු පුත්‍රයකු විසින් මරා දමනු ලබනවා.ඔහුගේ එකම බලාපොරොත්තුව වන්නේ තමාට සියල්ල අහිමි කල අයගෙන් පලිගැනීමයි. ඒ සඳහා ඔහු කඩු ශිල්පියකු ලෙස ජනතාව ඉදිරියේ පෙනී සිටිනවා. මේ ඔහුගේ පළිගැන්මේ කතාවයි.2000වර්ෂයේදී නිකුත් වූ චිත්‍රපටයක් වුවද මෙය අදටත් ජනප්‍රිය චිත්‍රපයක් ලෙස පවතිනවා. ලොව පුරා ජනතාවගේ 8.5ක ප්‍රේක්ෂක ප්‍රතිචාර සහිත මෙම චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ රැගෙන ඒමට මා අදහස් කලේ උසස් රසිකත්වයකින් යුතු ඔබගේ රසාස්වාදය වැඩි දියුණු කරගැනීමට මෙය තවත් පිටුවහලක් වනු ඇතැයි යන අදහසිනි.සියළු දෙනාටස්තූතියි
පහල link එකෙන් අරන් බලන්නකො
.http://thepiratebay.se/torrent/6879912/Gladiator_%282000%29_%5BEXTENDED%5D_1080p_BrRip_x264_-_1.6GB_-_YIFY
Diary of a Wimpy Kid Dog Days (2012) | ෆන් එකේ උපරිමේටම….[සිංහල උපසිරැසි සමඟ]
4:39 AM
No comments
Diary of a Wimpy Kid Dog Days (2012) | ෆන් එකේ උපරිමේටම….[සිංහල උපසිරැසි සමඟ]
. මේ ෆිල්ම් එක රිලීස් වුනේ අගෝස්තු මාසෙදි . ඒත් මේ වෙනකම්ම ඒකෙ හොඳ කොපියක් ඔයාලට දෙන්න තිබ්බෙ නෑ. ඉතින් හොඳ කොපියක් ආපු ගමන්ම ඔයාලට ඒක දෙන්න ඕන නිසා ඉක්මනටම සිංහල සබ් දැම්ම.
මේ කතා සෙට් එක හැදෙන්නෙ Jeff Kinney ගෙ පොත් සෙට් එකකින්. ඉතින් පොත කියවල ගන්න රසේටම ආසන්න රසයක් මේ චිත්‍රපටිය බලලත් ඔයාලට ලබන්න පුළුවන්. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ David Bowers.
ඔයාල මේ ෆිල්ම් සීරිස් එකේ පළවෙනි සහ දෙවනි චිත්‍රපට දෙක ඔයාල සමහර විට බලල ඇති . මේ කතා මාලාව පුරාවටම ඔයාලට ග්‍රෙග් කියන ළමයගෙ රසකතා තමයි අහන්න දකින්න හම්බවෙන්නෙ.
අපේ අම්මල තාත්තල පුංචි කාලෙ කරපු වැඩ අපි එක්ක කියනකොට අපිට ඕන තරම් බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන්නෙ.ඒවගේම තමයි අපි මීට අවුරුදු කීපයකට කලින් ඒ කියන්නෙ අපි දැන් ඉන්න වයසට වඩා ටිකක් අඩු වයසෙදි කරපු කියපු සමහර දේවල් අද මතක් වෙද්දි අපිටම අපි ගැන ඇති වෙනකම් හිනාවෙන්න පුළුවන්. මේකත් අන්න ඒවගේ තමයි. පවුලක් ඇතුලෙ සිද්ධ වෙන රසබර තැන් ඔයාලට මේක බලල හොඳට රසවිඳින්න පුළුවන්. ඒ වගේම කුණුහරප නැතුව අහින්සක විහිලුවක් රසවිඳින්න තරම් උසස් බුද්ධියක් තියෙන අපේ කොල්ලො කෙල්ලො වැඩිහිටියෝ ඕන කෙනෙක්ට මේ චිත්‍රපටිය බලල හොඳට ලේ ටිකක් පිරිසිදු කරගන්නත් පුළුවන් .
මේකෙ කතාව මම කියන්න යන්නෙ නෑ. ඒ වගේම ඔයාල මුල් චිත්‍රපට දෙක බැලුවෙ නෑ කියල මේක තේරෙන්නෙ නැතුව තියෙන්නෙත් නෑ මොකද මේකෙයි ඒවගෙයි සම්බන්ධයක් නෑ. හැබැයි මේ චිත්‍රපටය බලන ඕන කෙනෙක්ට අනිවාරෙන්ම මුල් චිත්‍රපට දෙකත් බලන්න ආස හිතනව කියල මම අනිවාර්යයෙන්ම දන්නව. 
ආයෙත් චිත්‍රපටියකින් ඔයාල හම්බවෙන්න එන්නම්. හැමෝටම ජය.
උපසිරස බා ගත කිරීමට නොහැකි නම් පහත ලින්ක් එකෙන් ලබා ගන්න
The Legend of Korra (2012) [Season 01: Episode 11-12 ] | අවසානය…[සිංහල උපසිරැසි සමඟ]
4:35 AM
No comments
The Legend of Korra (2012) [Season 01: Episode 11-12 ] | අවසානය…[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න දිගටම කරගෙන ආපු මගේ පළමු ටෙලි දසුන් සැකිලි රූ සමයේ අවසානය. මෙවර පටන් ගැන්ම මෙන්ම කොටස් දෙකකින් සමන්විතයි. මෙය කරගෙන ඒමට දිරි දුන්, ප්‍රතිචාර දැක්වූ නොදැක්වූ හැමෝටම බොහොම පිං. වෙසසින් ම විකියා සහෝටත් උදා සහෝටත් උදක්ම පිං. ඔන්න එසේ නම් අවසානය ගැන සාරංශය.
කෝරා ගේ මෙන්ම අනිත් අයගේත් ඉලක්කය වූ නාවික බලසේනාවේ පැමිණීම සිදු වුවත් එය අති මහත් විනාශයකින් අවසන් වෙනවා. කෙසේ හෝ අමොන් විසින් ජනරජ නඟරය අල්ලා ගනු ලබනවා. ඉවසිය නොහැකි තැන කෝරා අමොන් ව සොයා ගෙන යනු ලබනවා. ඒ හා මාකෝ ද පැමිණෙනවා. කෝරා සහ අමොන් අතර සටනින් කෝරා ගේ දමනක හැකියාව ඉවත් කරනු ලබනවා. ඉන් පසු කෝරා කුමක් කරාවිද? කෙසේ නම් අමොන් ව පරාද කරන්නේද? එසේ නම් කෝරාගේ වීරක්‍රියාවන් හී අවසානය බලන්න. ඔබ සැමට සුබදායි සති අන්තයක් ලැබේවා. ජයෙන් ජය.
Harry Potter and the Order of the Phoenix (2007) | කවුරු විශ්වාස කරන්න්නද…? [සිංහල උපසිරැසි සමඟ
4:34 AM
No comments
Harry Potter and the Order of the Phoenix (2007) | කවුරු විශ්වාස කරන්න්නද…? [සිංහල උපසිරැසි සමඟ
ඉස්සෙල්ලම කලින් සබ් එකට අදහස් දක්වපු හැමෝටම ස්තුතියි කරන්න ඕන. මේ ෆිල්ම් ඒක 2007 තිරගතවුන චිත්‍රපටයක්. IMDb වල 7.3 ක විතර Rate එකක් තියෙනවා. මේ වෙනකොටත් බොහෝ අය බලපු film එකක් උනත් විකියාගේ ඉල්ලීමකට තමයි මේක කලේ. ෆිල්ම් ඒක ගැන කෙටි විස්තරයක් කලොත්…
දිගු නිවාඩුවකට පස්සේ හැරී නැවතත් Hogwarts වලට එනවා. Voldemort නැවතත් ඇවිල්ලා කියලා කිව්වත්, ළමයි සහ දෙමවුපියන් කිහිප දෙනක් තමයි හැරීව හො Dumbledore විශ්වාස කලේ. අමාත්‍යාංශය මේකේ ඇත්ත නැත්ත බලන්න අලුතෙන් Defence Against the Dark Arts ගුරුවරයෙක් පත් කරනවා. මේ අතර හැරීට පෙනෙන විස්තර කරන්න අමාරු සිහින, ඒ වගේම Voldemort හැමතැනම හොයන්නේ මොනවද…?
මේ හැමදේමත් එක්කම හැරීගේ අලුත් පාසල් වාරය ආරම්භ වෙනවා.විශේෂයෙන් ස්තුති කරන්න ඕන අපේ කැළුම් මධුශංක සහෝට. මොකද ඔහු තමයි මේ සබ් වැඩේට මාව සෙට් කලේ.ඒ වගේම සබ් ඒක හදන්නත් ගොඩක් උදවු කළා. ඒ වගේම කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා.
අනික් දේ සතුටෙන් කියන්න කැමති මේ කොටසත් එක්ක හැරී පෝටර් මුළු කතා මාලාවම සම්පුර්ණ වෙනවා.ඉතින් මම හිතන විදියට බයිස්කොප් සයිට් එකේ අපේ යාලුවන්ට මේ සේරම දැන් නිවී සැනසිල්ලේ බලන්න පුළුවන් වෙයි..
මෙන්න සේරම කොටස් ටික…
Harry Potter and the Philosopher’s Stone (2001)
Harry Potter and the Chamber of Secrets (2002)
Harry Potter and the Prisoner of Azkaban (2004)
Harry Potter and the Goblet of Fire (2005)
Harry Potter and the Order of the Phoenix (2007)
Harry Potter and the Half-Blood Prince (2009)
Harry Potter and the Deathly Hallows – Part 1 (2010)
Harry Potter and the Deathly Hallows – Part 2 (2011)
Harry Potter and the Chamber of Secrets (2002)
Harry Potter and the Prisoner of Azkaban (2004)
Harry Potter and the Goblet of Fire (2005)
Harry Potter and the Order of the Phoenix (2007)
Harry Potter and the Half-Blood Prince (2009)
Harry Potter and the Deathly Hallows – Part 1 (2010)
Harry Potter and the Deathly Hallows – Part 2 (2011)
Subscribe to:
Comments (Atom)







